අපි ගැන

ගප්පියා ක්ලොතින් හැදුවේ ගප්පියා කියලා ලන්කාවේ යු-ටියුබර් කෙනෙක්. ගප්පියා පරඩක්ට්ස් ගොඩක්ම හැදිලා තියෙන්නේ මේ ගප්පියාගේ විඩියො වල ඉන්න චරිත, ඒ චරිත වල දෙබස් වගේ දේවල් වලින් තමයි.

ගප්පියා පදින්චි වෙලා ඉන්නේ ඔස්ටේරේලියාවේ. 2005 අවුරුද්දේ ගප්පියා ලන්කාවට යනවා අවුරුදු 10කට පස්සේ පලවෙනි වතාවට. ඉතින් මේ යනකොට ගප්පියා හිතුවටත් වඩා එයා ලන්කාවේ බොහොම ජනප්රිය චරිතයක් වෙලා. ගප්පියා විඩියොස් ගප්පියා දන්නැති වුනාට හෙනට හිට් වෙලා. ඉතින් ගප්පියාට පාරේ තොටේ හම්බුන සෙරම වගේ කිව්වේ එගොල්ලා ගප්පියාගේ විඩියො බලලා එගොල්ලන්ගේ පරශ්න ටිකකට හරි අමතක කරනවා කියලා. රස්සාව තරා තිරම කෙසේ වෙතත්, මේ නොයෙකුත් සමාජ තල වල අය ගප්පියාගේ විඩියොස් වලට ආස වෙච්ච එක ගප්පියාටනම් හරි පුදුම කාරණයක්.

ඉට පස්සේ තවත් අවුරුද්දක් විතර ගියාට පස්සේ ගප්පියාට හිතුනා, ලන්කාවේ මිනිස්සු වෙනුවෙන් ලන්කාවේ කියලා අමුතුම පරඩක්ඩ් එකක් දෙන්න ඔන කියාලා. ලන්කාවේ විසිට් එකට ගිය පාර, ගප්පියාට හිතුන දේ තමයි මේ ලන්කාවේ කියලා ලස්සනට ඩිසයින් කරපු සින්හල අකුරු ලියපු කොලිටි කමිස කොහෙවත් නැ කියලා. ඉතින් ගප්පියා එදා තමා හිතා ගන්තේ ගප්පියා ක්ලොතින් බ්රැන්ඩ් එකක් හදන්න ඔනි කියලා.

ගප්පියාගේ කමිස ගොඩක්ම හදලා තියෙන්නේ මහන්සි වෙලා, ජීවිත් වෙන්න ෆුල් ගේම් එක දෙන මිනිස්සුන්ට. පොස් අයට තියෙනවානේ ඉන්ටර් නැෂනල් බ්රැන්ඩ්. ගප්පියා ක්ලොතින් තියෙන්නේ ලන්කාවේ මිනිස්සුන්ට. ඉන්ටර්නැෂනල් කොලිටියට.

අපේ බඩු ඔක්කොම හදන්නේ ලන්කාවේ. පොඩි පැක්ටර් වල පොඩි මිනිස්සු තමයි ගොඩක්ම වැඩ කරන්නේ. ඉතින් ඔයා ගප්පියා පරඩක්ට් එකක් ගන්නවා කියන්නේ ලන්කාවේ පොඩි මනුස්සෙකුට ජීවත් වෙන්න උදව් කරනවා කියන එක. පොඩි මිනිස්සු වුනාට අපි ගොඩක් මහන්සි වෙලා ඔනකමින් තමා අපේ පරඩක්ටස් හදන්නේ.

අපේ සාක්කු පොඩියි, හැබැයි හීන ලොකුයි!